දේශීය නිශ්පාදන විදේශීය වෙළඳපොළවල් වෙත යොමු කිරීමට නව සමාගමක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
බතික්, අත්යන්ත්‍ර රෙදි හා ඇඟළුම් නිශ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ සංකල්පයක් මත විදේශයන්හි ප්‍ර දර්ශනාගාර පිහිටුවමින් එම රවලින් තෝරාගත් නියෝජිතයන් හරහා ජාත්‍යන්තර තුළ ශක්තිමත් වෙළඳ ජාලයක් ඇති කරමින් ශ්‍රී ලාංකීය නිශ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා ප්රමුඛ ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.
ඒ අනුව එම කාර්යය සඳහා ලංකා සළුස සමාගමේ 100% ක කොටස් සහිත සමාගමක් වශයෙන් නව සමාගමක් ස්ථාපිත කිරීමටත් එම සමාගම විසින් පත්කර ගනු ලබන විදේශීය නියෝජිතයන් හා ප්රදර්ශනාගාර මඟින් බතික් නිෂ්පාදන, අත් යන්ත්‍ර පේෂකර්ම නිෂ්පාදන හා ප්රදර්ශනාගාර මගින් බතික් නිෂ්පාදන, අත්යන්ත්‍ර පේෂකර්ම නිෂ්පාදන හා දේශීය ඇඟළුම් නිශ්පාදන ඇතුළු වෙනත් දේශීය නිශ්පාදිත ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.