ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් හෙවත්, පැසිෆික් සාගරයේ කුක් දූපත් සිට මධ්‍යම ආසියාවේ කසකස්තානය දක්වා වූ රාජ්‍යයන් දශක හයකට ආසන්න කාලයක් තුළ ප්‍රථම වතාවට 2020 දී හැකිලෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, මිලියන ගණනක් ජනතාව දරිද්‍රතාවයට ඇද දමනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පවසයි.
දළ දේශීය නිෂ්පාදිතයේ 0.7%ක පහත වැටීමක් ඔවුන් ඔවුන් පුරෝකථනය කරන්නේ, මීට පෙර 0.1%ක වර්ධනයක් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ජුනි මාසයේදී කරන ලද ඇස්තමේන්තුව වෙනස් කරමිනි.
එහිදී, 1960 දශකයේ මුල් භාගයේ සිට පළමු වරට කලාපීය ආර්ථිකයන්හි දළ දේශීය නිෂ්පාදිතයේ හැකිලීමක් සනිටුහන් කරනු ඇති බව බැංකුව පවසයි.
කෙසේ වෙතත් ආසියානු සංවර්ධන බැංකුව පවසන්නේ 2021 දී කලාපය නැවත වර්ධනය කරා යා හැකි අතර, එය 6.8%ක වර්ධනයක් වනු ඇති බව පුරෝකථනය කරයි.