දිවුලපිටිය මංගල උත්සවයකට සහභාගි වී පැමිණි මොරටුමුල්ල කුසගිනි වත්තේ 60 හැවිරිදි කාන්තාවකට කොවිඩ් ආසාදනය වී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව මංගල උත්සවයට සහභාගි වූ මොරටුව ඇතුළුප්‍රදේශ රැසක පුද්ගලයන් 124 දෙනෙකුට අද (15දා) පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ බව මොරටුමුල්ල පොලීසිය කියයි.
එම කාන්තාව කොවිඩ් ආසාදිත වූවකු බවට ඊයේ (14) රාත්‍රී වෛද්‍ය වාර්තා වලින් සනාථ වී තිබිණි.
ඉකුත් 3 වෙනි දින මෙම පිරිස දිවුලපිටිය ප්‍රදේශයේ මංගල උත්සවයකට බස්රථ කිහිපයකින් ගොස් සහභාගී වී තිබේ.
මොරටුමුල් ,විල්ලෝරාවත්ත, කොරලවැල්ල, මොරටුව නගරය, ඉදිබැද්ද හා කුසගිනි වත්ත ප්‍රදේශවල පවුල් වල සාමාජිකයන් මෙසේ පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කර තිබේ.