ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය මේ මස 29 වන දින දක්වා වැඩිවීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සඳහන් කර සිටියි.
මේ අනුව බස්නාහිර , සබරගමු , මධ්‍යම , දකුණ , වයඹ , සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් සීයක් තරම් තද වැසි ඇති විය හැකි බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
අද(26) දිනයේ දී කෑගල්ල , රත්නපුර , කළුතර , නුවරඑළිය , ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමිටර් 100 ක් තරම් තද වැසි ඇති විය ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.