දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේ වුවත් ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට විටින් විට මඳ වැසි ඇතිවිය හැකි බවත් අද (07දා) දහවල් 12.08 ට බූස්ස, අක්මීමන, කඹුරුපිටිය, හක්මන සහ දෙනගම යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මේ අතර ඉදිරි පැය 24 තුළ දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණිත තත්ත්වයක් පවතින බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර හෝ නිරිත දෙසින් හමන සුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වන බවත් හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රෙද්ශවල වේගය පැ.කි.මී. 50-60ක් දක්වා වැඩි වීමේ හැකියාවක් ඇති බවත් පුත්තලම සිට කන්කසන්තුරට හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 45-55ක් දක්වා වැඩිවීමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.