කාන්තන්කුඩි ප්‍ර දේශයේ සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂණ 600කින් පුද්ගලයන් 24ක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
එසේම මේ ආකරයට දිවයින පුරාවට ඇන්ටින් පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවත් ඒ සඳහා ජනතාවගේ සහාය අවශ්‍ය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
අලුත් වර්ෂයක් ආරම්භ කර ඇති අවස්ථාවක සියයට සියයක්ම නිරෝධායන නීති අනුව කටයුතු කරමින් සංචරණය සීමා කරන ලෙසත් ඔහු වැඩිදුරටත් පැවැසීය.