දිවයිනේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල උදයවරුවේ හෝ සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
බස්නාහිර, දකුණ, වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, ඌව, නැගෙනහිර, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මි.මී. 100ක් පමණ වන තරමක් තද වැසි ඇතිවිය හැකි බවත් ඔවුහු පෙන්වා දෙති.