දිවයින පුරා වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර බෙදා හැරීම මේ වන විට ආරම්භ වී ඇති පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාවට පැමිණෙන පොහොර රැගත් නෞකාවන් මේ වන විට කොළඹ වරායට සේන්දු වී ඇත. අර්බුධකාරි කොරෝනා තත්ත්වය හමුවේ වුව ද දිවයිනේ දිස්ත්‍රික්ක 25 ටම කඩිනමින් හිඟයකින් තොරව පොහොර නිකුත් කරන ලෙස පොහොර නිෂ්පාදන හා සැපයුම්,රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා අමාත්‍යාංශ ලේකම් එම්.එන්.රණසිංහ මහතාට උපදෙස් ලබා දුන්නේය.
පොහොර බෙදා හැරීමේ විධිමත් බව පරික්ෂා කිරීම සඳහා පසු විපරම් ඒකකයක් ද ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇත.
කාබනික පොහොර දිවයිනේ ව්‍යාප්ත කොට රසායනික පොහොර භාවිතය අවම කිරීම නව රජයේ ප්‍රතිපත්තිය වන අතර එම ඉලක්කය ළඟා කර ගැනීමෙන් අනතුරව රසායනික පොහොර ආනයනය අවම කරන අතර, දේශීය යාන්ත්රනයක් ඔස්සේ රටට අවශ්‍ය පොහොර රට තුළම නිෂ්පාදනය කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.