මේ වනවිට දිවයින තුළ ඩෙංගු රෝගයට ගොදුරුවූ පුද්ගයින් 50 දෙනෙකු මිය ගොස් 44,556 දෙනෙකු රෝගින් ලෙසට වාර්තාවි තිබේ.
මාතලේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඩබ්ලිව් එම් විජේකොන් මහතා මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව මාතලේ මහ දිසාපති කේ බි පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වු අවස්ථාවේදී මේ බව පැවසීය.
අනිකුත් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව මාතලේ දිස්ත්‍රික්කය තුළින් ඩෙංගු රෝගීන් වාර්තා විමේ පහත වැටීමක් ඇති බවත් රාජ්‍ය ආයතන රාජ්‍ය නොවන සංවිධාන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවද එක්ව ක්‍රියාත්මක කළ ඩෙංගු රෝගය පිටුදැකීමේ වැඩසටහන් මෙම සාර්ථකත්වයට හේතුව බවත් වෛද්‍ය විජේකෝන් මහතා මෙහිදි වැඩිදුරටත් සදහන් කළේය.
මාතලේ - රවීන්ද්‍ර අබයසිරි