දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹීම හේතුවෙන් මේ වන විට පවතින ප්‍රභ අකුණු සමග වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද පස්වරුවේ ඔවුන් නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා වන අනාවිකයේ මේ බව දැක්වෙයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 2න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව, බස්නාහිර හා වයඹ පළාත්වලත් අනුරාධපුර, මන්නාරම හා වවුනියාව දිස්ත්රිත්කවලත් ඇතැම් ස්ථානවලට මි මී 100 ඉක්ම තද වැසි ඇතිවිය හැකි බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.