සංහිඳියාව සහ සාමය පෙරදැරි කර ගනිමින් දෙවුන්දර සිට රෝද පුටුවක් ආධාරයෙන් පේදුරුතුඩුවට ගමන්ගත් යුද හමුදා ආබාධිත රණවිරුවාගේ ගමන් අවාසානය ඊයේ සවස සිදුවූ අතර යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා විසින් ආබාධිත රණවිරුවා පිළිගනු ගැබීය.
දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා රෝද පුටුවෙන් ගිය මෙම ගමනට එක්ව සිටියේ අවසන් යුධ සමයේ 2009 මැයි මස 07 වැනිදා මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී බෝම්බ ප්‍රහාරයකට ලක්ව සිය පාද දෙක සහ අතක ඇගිලි අහිමිව සිටින සෙබළ කෝප්රල් පී. කේ. ජී.ජී. කරුණාරත්න රණවිරුවාය.
කරුණාරත්න රණවිරුවා අභිමංසල පාන්ගොල්ල සුවසහන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන ඔහු සිය ගමන ආරම්භ කළේ ඉකුත් 03 වැනිදාට යෙදී තිබුණු ලෝක ආබාධිත දිනයට සමගාමීව ලංකාවේ සාමය සංහිදියාව වර්ධනය කිරීමේ අරමුණු ඇතිවය.
මෙම ආබාධිත රණවිරුවා සිය ගමන අවසන් කළේ කිලෝමීටර් 576ක දුරක් ගෙවා දමමින් වූ අතර රණවිරුවාගේ ගමන් අවසානය පිළිගැනීම වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මෙන්ම ගජබා රෙජිමේන්තු සේනාවිධායක මේජර් ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා පුනරුත්ථාපන අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් තිරුනාවුකරුසු ඇතුළු ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.