නඩු ප්‍රමාදවීම් මගහැරීමේඅරමුණින්පිහිටු වන බව සඳහන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ (trial at bar) ත්‍රිත්වයෙන් දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය මෙම සතිය තුළ ආරම්භ කිරීම පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තාවේ.
මෙම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය පිළිබඳ ගැසට් නිවේදනය මෙම සතිය තුළ අධිකරණ අමාත්‍යාංශය විසින් නිකුත් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.
බරපතළ චංචා සිද්ධි, රාජ්‍ය දේපොළ අවභාවිතය, ඉහළ සංවේදීතාවකින් යුතු අපරාධ ආදිය පිළිබඳ නඩු විමසීම සඳහා මෙම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයිද වාර්තාවේ.