නිවෙස තුල නිරෝධායනය වෙමින් සිටි රත්ගම ප්‍රදේශයේ පදිංචි ඇගලුම් සේවිකාවකට දෙවැනි පි.සි.ආර් පරික්ෂණයේ දි කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
මෙකි ඇගලුම් සේවිකාව කොග්ගල නිදහස් වෙළද කලාපයේ පිහිටි මිනුවන්ගොඩ ඇගලුම්කම්හල සමුහයට සමබන්ධ ඇගලුම් කම්හලක සේවය කරන සේවිකාවකි.
මිට පෙර මෙකි ඇගලුම් කමහලේ ඇගලුම් සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි තිබුණි. ඇගලුම් කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කරන බස්රථයේ මිට පෙර කොරෝනා වෛරසය ආසාදනය වු ඇගලුම් සේවිකාව සමග ඇය ගමන්කොට ඇති බවද ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
එම බස් රථයේ ගමන්කළ ඇගලුම් සේවිකාවන් 35 දෙනා ඇතුළු ඇගලුම් සේවිකාවන් 125 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණයට ලක්කොට තිබුනි. පළමු පි.සි.ආර් පරික්ෂණයේ දි ඉන් කිසිදු සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි තිබුණි. ඔවුන් නිවෙස්වල නිරෝධායනයට ලක්කිරිමට පියවරගෙන තිබු අතර දෙවැනි පි.සි.ආර් පරික්ෂණයේ දි මෙකි ඇගලුම් සේවිකාවට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
මෙකි තත්වය තුල මෙකි ඇගලුම් සේවිකාවන් සදහා අහඹු පි.සි.ආර් පරික්ෂණ නැවත වතාවක් සිදුකිරිමට සිදුවන බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රොග් විද්‍යාඥවරයා පවසයි රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුල මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වු රෝගින් 11 දෙනෙකු හදුනාගෙන ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.