මස්කෙලිය සමිමලේ ගවරවිල තේ වතු යායේ මවගෙන් වෙන් ව අතරමංව සිටි කුඩා හදුන් දිවි පැටවුන්ට බලල් මවකගෙන් සෙනෙහස ලැබි ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් පැවසිය.
එම තේ වතු යායේ කාණුවත් මත මෙම පැටවුන් දෙදෙනා අතරමංව සිටියදි සොයාගත් මෙම දිවි පැටවුන් වතු කම්කරුවන් ඊයේ (15) නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට භාර දි ඇත.
සති තුනක් පමණ වයසැති මෙම හඳුන් දිවි පැටවුන් තිදෙනාට නල්ලතන්නිය වනජිවි කාර්යයලයේ සුරතලේට ඇති කල බැළලියක් එම බැලලිය බිහි කල බළල් පැටවුන් තිදෙනාට සහ මෙම හදුන් දිවි පැටවුන් තිදෙනාට එක සේ සෙනෙහස දක්වමින් මව් කිරි ලබාදෙන බව වනජිවි නිලධාරින් පවසයි.