කල්මුණේ ප්රදේශයේදි සිදු කළ විශේෂ මෙහෙයුමකදි මරාගෙන මැරෙන බෝම්බ ඇතුළු උපකරණ තොගයක් හමු වු අතර එහිදි දිවිගලවා ගත් කාන්තාව සහ දරුවා ජාතික තවුහිඩ් ජමාත් සංවිධානයේ නායකයා සහ මෙරට අයි.එස් අනුගාමිකයින්ගේ ප්රධානියාගේ බිරිඳ සහ දරුවාද යැයි සැක මතු කෙරේ.
මෙහිදි කල්මුණේ සයින්දමරුදු ප්රදේශයේ ත්රස්තවාදීන් හා ආරක්ෂක අංශ අතරද වෙඩි හුවමාරුවක් සිදු විය .
එහිදි එම නිවස තුළදි පිපිරිම් සිදු වු අතර ,ත්රස්තවාදීන් 15 දෙනෙකු ජිවිතක්ෂයට පත් විය.
එම නිවස සෝදිසි කිරිමකට ලක් කිරිමේදි එම නිවස තුළ සිටි මෙම කාන්තාව සහ දරුවා හමු වි ඇත.
ඉන් අනතුරුව මොවුන් අම්පාර රෝහලට ඇතුළත් කර ප්රතිකාර සිදු කරන අතර මොවුන් සහරාන්ගේ බිරිඳ සහ දරුවා බවට සැක පළ කරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කෙරේ.