සිංහරාජ රක්ෂිතයේ පෙරන කලාපයට අයත් දෙල්ලව රක්ෂිතයේ අද (11 ) දවල් 2 ට පමණ ඇති වූ ගින්නෙන් රක්ෂිතයේ අක්කර හයකට ආසන්න ප්‍රදේශයක් සම්පුර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බව නෙළුව පොලිසිය පවසයි.
සිංහරාජ වනාන්තරයේ ප්‍රේරක කලාපයක් වන දෙල්ලව රක්ෂිතයේ මෙම ගින්න හටගෙන තිබු අතර මෙය ලැව් ගින්නක්ද නැතහොත් කඩා කප්පල් කාරී ක්‍රියාවක්දැයි සෙවීමට විමර්ශන අරඹා ඇති බව නෙළුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යු.අරුලා නන්දම් මහතා පැවසීය.
ගින්න පැයදෙකක පමණ කාලයක් තුල ගම්වාසීන්නේලුව පොලිසිය සහ අඩවි වන නිලධාරීන් එක්ව මැද පැවැත්වීමට කටයුතු කල අතර ගින්නෙන් අක්කර හයක පමණ ප්‍රදේශයක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇත.