අල්ලස් කොමිෂමේ හිටපු අධ්යක්ෂ ජනරාල් මෙන්ම හිටපු රජයේ සොලිස්ටර් ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය හා ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අතර පවතින හඬ පටය සත්‍ය නම් එය මහජනතාව ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය පිළිබඳව තවා ඇති විශ්වාසය පිළිබඳව දැඩි බලපෑමක් ඇතිකරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එසේම ඒ හරහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම සිදුකළ ඇතැම් නඩු කටයුතු පිළිබඳවද ගැටලුවක් ඇති කරන බව එම නිවේදනයේ දැක්වෙයි.
එසේම එම දුරකතන සංවාදයේ ඇති කරුණු පිළිබඳව අවධානය යොමු කළ විට ඇයගේ කාලසීමාවේදී සිදුකළ විමර්ශනවල ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගැටලු ඇති කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.