ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමඟ ආන්දෝලනාත්මක දුරකතන සංවාදයක් පැවැත්වු බව කියන සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අද (24දා) පස්වරුවේ තහනම් කොට ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කළ බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා සවස දුරකථන මාර්ගයෙන් නීතීපති දෙපාර්තමෙන්’තුවට දැනුම් දුන්නේ යැයි නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් පැවසුවාය’
රෝගී තත්වයක් හේතූවෙන් මේ වන විට සිංගප්පුරුවේ රෝහලක ප්‍රතිකාර ලබන ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා එහි ප්‍රතිකාර ලබන අතරතුරදී ඔහු සමඟ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පවත්වන දුරකතන සංවාදයක් ඇතුලත් හඬ පටයක් සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබීය
සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබු එම ආන්දෝලනාත්මක දුරකතන සංවාදය හේතූවෙන් මෙම පියවරයන් ගනු ලැබීය’
සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට එරෙහිව ආයතන සංග්‍රහය යටතේ විනය පරික්ෂණයක් පවත්වන ලෙස නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් පසුගිය 23 පස්වරුවේ ඉල්ලීමක් කළ අතර ඉන් අනතුරුව දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ ආවරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ සහකාර සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා පත් කරන ලදී.