‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමඟ දුරකතන සංවාදයක් පැවැත්වූ බව කියන නීතිපති දෙපාර්තමෙන්තුවේ සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට එරෙහිව ආයතන සංග්‍රහය යටතේ විනය පරික්ෂණයක් පවත්වන ලෙස නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් හෙට (23දා) දිනයේදී ඉල්ලීමක් කිරීමට සුදානම් බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
අදාළ විනය පරීක්ෂණයේදී මෙම දුරකථන සංවාදය සම්බන්ධයෙන් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විසින් කළ පිළිගැනීම් හා එයට අනුශාංගික වු වෙනත් කරුණුද සැළකිල්ලට ගන්නා ලෙස නීතීපතිවරයා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කිරීමට අදහස් කරන බවද නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් පැවසුවාය.