දරුවන්ගේ ආරක්ෂාවට නව වැඩසටහනක්
ජාතික ළමාරක්ෂක අධිකාරිය හා රේඛීය ආයතන සමග ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණි.
වෙනත් රටවල ළමා සංවර්ධනය සදහා කර ඇති පර්යේෂණ අධ්‍යනය කර මෙරටදී ඒවා ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. අනාවරණය වී ඇති තොරතුරු අනුව ළමා මෙහෙකාර සේවයේ නිරත වැඩිම පිරිස වතු ආශ්රිත දරුවන්ය.
මේ තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය බලතල ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් ක්‍රියාත්මක විය යුතුයි. වතු ආශ්රිත පවුල්වල තොරතුරු ග්‍රාම නිලධාරීන් සතුවන බැවින් එවැනි නිවසක දරුවෙකු නොමැති බවට ලැබෙන තොරතුරු මත වහා ක්‍රියාත්මක වී ඒ අනුව ළමා මෙහෙකාර සේවය නැවැත්වීමට පියවර ගත යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි ප්‍රකාශ කළේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාගේ නිවසේදී මිය ගිය දැරිය වෙනුවෙන් එම පවුලට නිවසක් ඉදිකර දීමටත් ඇයගේ සහෝදරියන් දෙදෙනෙකුට ස්වයං රැකියා අවස්ථා උදාකර දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කළේය.
popular news
-
sg Friday, 06 August 2021 12:18 AM
That child needs justice anymore...that is social justice otherwise natural justice will be back. Take this country and system into real track..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

