ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යයෙකු උසස් පෙළ විභාගයේදී ලබාගත් ජයග්‍රහණය පිළිබඳ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අඛණ්ඩව විවේචනය කිරීම කනගාටුවකට කරුණක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
ඕනෑම අයෙකුට උසස් පෙළ විභාගයට පෙනී සිටීමට හැකියාව තිබෙන බවත්, විභාගයට පෙනී සිටි පසු සෑම කෙනෙකුගේම ප්‍රතිඵල නිකුත් කරන බවත් හෙතෙම පවසා සිටියේය.
ජාත්‍යන්තර පාසල්වල හා පෞද්ගලික පාසල්වල ඉගෙනුම ලබනුයේද රටේ දරුවන් බවත්, ඔවුන් වෙනස් කොට සැලකීමක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරන බවත්, හිටපු අධ්‍යාපන අමාත්‍යවරයාගේ කාලයේදී පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් පැවැති බවත් පැවසූ අමාත්‍යවරයා, එම කාලයේදී එම පාසල්වල දරුවන් දක්ෂතා දැක්වූ බවද අද (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.