මින්නේරිය පොලිස් වසමේ බාල වයස්කාර දැරියක අපයෝජනය කිරිම සම්බන්ධයෙන් මින්නේරිය පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ලංගම බස් කොන්දොස්තරවරයකු පෙබරවාරි 28 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නනායක්කාර මහතා නියෝග කල බව මින්නේරිය පොලීසිය පවසයි.
මෙසේ බන්ධනාගාර ගතකරන ලද්දේ ගම්පොළ ,උඩිගෙඩිතැන්න මැදගොඩ හන්දිය පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙකි.
අතවරයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පොළොන්නරුව මහරෝහල වෙත ඇතුලත් කර වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් විසින් පොලීසියට නියෝග කර තිබේ.