සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ වීඩියෝවක සඳහන් වූ බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ සිදුවීමට අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ වීඩියෝව සම්බන්ධයෙන් ජාල ගත විශ්ලෙෂණ වාර්තා අනුව සිදුකළ විමර්ශනයේදී අපයෝජනයට ලක්වූ දැරිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගන්නා ලදී.
සැකකරු ඒ වන විටත් සැඟව සිට ඇති අතර ඔහුගේ දුරකත විශ්ලේෂණ වාර්තා අනුව ලබාගත් තොරතුරු මත සැකකරු අද (19දා) ආඬිඅම්බලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු දැරියව ඇගේ නිවසේී හා ඇඟේ නිවසින් පිටතදී අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක්කර ඇති බව විමර්ශන මගින් තහවුරු වී ඇති බව පොලීිය පවසයි. සැකකරු අවුරුදු 36ක් වන ආඩිඅම්බලම ප්‍ර දේශයේ පදිංචිකරුවෙක් වෙයි.
සැකකරු හෙට (20දා) අධිකරණයට ඉදිරිපත් කිරිමට නයමිතය.