බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට පත් කිරීමේ සිද්ධිය ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විද්‍යාතනය සංගමය වන තරයේ හෙලා දකින බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම අපරාධයට සම්බන්ධ වූ සියලුම දෙනාට නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක විය යුුතු බවද එම සංගමය සඳහන් කරයි.
ඒ සඳහා චෝදනා ලබා සිටින වෛද්‍යවරයා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස මාධ්‍ය මගින් කරන ලද ප්‍රකාශය අසත්‍ය බවද ඔවුන් පවසයි.
මෙම චෝදනාව ලබන අවස්ථාව වන විට ඔහු හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වීම සඳහා පුහුණුව ලබන අවධියේ පසු වූ අතර හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සුදුසුකම් සම්පූර්ණ කර නොතිබුණ බවද ඔවුන් පවසයි.