මාතර දෙයියන්දර මහේස්ත්රාත් අධිකරණයේ ලේඛනාගාරයට ගිනි තැබිම සම්බන්ධව අත්අඩංගුවට පත් සැකකරු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දෙයියන්දර මහේස්ත්රාත් ලූෂාකා කුමාරි මහත්මිය නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ දේවාලයේගම ප්රදේශයේ විසි අට හැවිරිදි දෙදරු පියෙකි .
ඉකුත් 14 වෙනිදා අලූයම 5 ට පමණ දෙයියන්දර මහේස්ත්රාත් අධිකරණයේ වහලය මතින් දුමක් පවතින බව දෙයියන්දර පොලිසියේ මුර සේවයේ නියතු නිලධාරින් දැක මේ සම්බන්ධව වහා පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරිමෙන් පසුව එතුමන් විසින් දෙයියන්දර මහේස්ත්රාත් ලූෂාකා කුමාරි මහත්මිය දැනුවත් කිරිමෙන් අනතුරුව ගින්න මැඩ පවත්වා තිබේ .
සැකකරු විසින් ලේඛනාගාරයේ වහලයේ ෂිටි එකක් ඈත් කොට මෙසේ ලේඛනාගාරය තුලට ඇතු ලූවි ගිනි තබා තිබුණි . ගින්න හේතුවෙන් නඩු කටයුතු සදහා භාවිතා කල සහ කරන ලිපි ලේඛන විශාල ප්රමාණයක් විනාශ වි තිබු අතර මෙයට සම්බන්ධ සැකකරු සොයා දෙයියන්දර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුදේශ් නාලක මහතාගේ මුලිකත්වයෙන් පරික්ෂණයක් දියත් කරනු ලැබිය .
ඒ අනුව මාතර කොට්ඨාසය අපරාධ විමර්ශන අංශයේ නිල සුනඛයා යොදාගෙන පරික්ෂණ කටයුතු දියත් කර තිබු අතර අධිකරණ භුමියේ සිට කලෝමිටර් 3 ක පමණ දුරින් නිවසක සුනඛයා නතර වි තිබේ .
එහිදි කරුණු අනාවරණය වුයේ සැකකරු නිවසින් පලාගොස් දේවාලයේ ගම රක්ෂිතයේ සැගවි සිටින බවයි . වහා කි්රයාත්මක වු පොලිසිය දේවාලයේ ගම රක්ෂිතයේ විශේෂ මෙහෙයුමක් දියත් කොට අදාල සැකකරු අත්අඩංගුවට ගැනිමට සමත්ව තිබේ .
අදාල සැකකරු බරපතල අපරාධ සදහා දෙයියන්දර අධිකරණයේ නඩු විභාග වෙන බවත් මේ හේතුවෙන් නඩු ලේඛන විනාශ කිරිමට මෙලෙස කටයුතු කර ඇති බවත් එම සැකකරු සම්බන්ධ නඩු වෙනත් කැබිනට්ටුවක ආරක්ෂිතව තිබෙන බවත් පොලිසිය වැඩිදුරටත් පැවසිය.