දියතලාව යුද හමුදා කඳවුරේ දින 14ක් රඳවා සිටි වූහාන් සිට පැමිණි සිසුන් 33 දෙනා අද දින (14) දින උදේ 11.00ට පමණ කදවුරෙන් කොළඹ යුධ හමුදා මුලස්ථානය වෙත යාමට පිටත්වු බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් චමින්ද වික්‍රමසිංහ මහතා පැවසීය.
චීනයේ වුහාන් සිට පසුගිය 01 දින දියතලාව යුද හමුදා කඳවුරට රැගෙන ආ තරුණියන් 18 දෙනෙකු හා
තරුණයන් 15 දෙනෙකු එම පිරිස අතර සිටි අතර ඔවුන් ගොඩනැගිලි 3ක ඇති වෙන් වෙන් වූ කාමර තුළ
රඳවා දින 14ක් තිස්සේ වෛද්‍ය පරික්ෂණවලට ලක් කරමින් ඔවුන්ට සියලු පහසුකම් ඇතිව සහ අන්තර්ජාල පහසුකම් ඔස්සේ තාක්ෂණය ඔස්සේ දෙමාපියන්ට හා ඥාතීන් සමග සම්බන්ධතා පවත්වා ගැනීමට අදාල පහසුකම්ද සපයා තිබුණි.
එම සිසු සිසුවියන් කිසිවකුට උණ රෝගී තත්වයකට හෝ කොරෝනා වෛරස් ආසාධනයට ගොදුරු වී
නොමැති බව වෛද්‍යවරු සහතික කර ඇති අතර දියතලාව යුධ හමුදා කදවුරේ සිට යුධ හමුදා මුලස්ථානයට රැගෙන ගිය සිසු සිසුවියන් යුද හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මුණ ගැසීමෙන් පසු නිවෙස් වලට යාමට නියමිත බව චමින්ද වික්‍රමසිංහ මහතා පැවසීය.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි