දියේ ගිලිමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු මරුට
තොටගමුව පාලම අසලින් දිය නෑමට ගිය අට හැවිරිදි පිරිමි දරුවකු හා සත් හැවිරිදි දියණියක අද (25 ) පස්වරුවේ දියේ ගිලී මරුමුවට පත්වී ඇතැයි මීටියාගොඩ පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ තොටගමුව වැරැල්ලාන රිදීගම පදිංචි කේ.සසිදු සිතුමිණ හා ඒ.රිද්මි විහංගා නමැති දරු දෙදෙනා බවද පොලීසිය කියයි.
දියේ ගිලී ජීවිතක්ෂයට පත්වූ මේ දරු දෙදෙනා එකම නිවසක වෙසෙන එකම පවුලක සහෝදරියන් දෙදෙනෙකුගේ දරුවන් දෙදෙනෙකු බවද පොලීසිය කියයි.
ඥාතීන් පිරිසක් සමග මේ දරු දෙදෙනා තොටගමුව පාලම අසල දිය නාමින් සිටි බවත් ඔවුන් දෙදෙනා දියේ ගසා ගෙන ගොස් ඇති බවත් පොලීසිය කියයි.
දියේ ගසා ගෙන ගිය මේ දරු දෙදෙනා වැඩිහිටියන් පිරිසක් විසින් බේරාගෙන බලපිටිය රෝහලට රැගෙන යමින් සිටියදි දෙදෙනාම ජීවිතක්ෂයට පත්වී ඇති බවද පොලීසිය කියයි.
මීටියාගොඩ පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
