දියේ ගිලීම් හේතුවෙන් සිදුවන මරණ අඩුකරගැනීම සඳහා ජාතික සැලැස්ම ක්‍රියාවට නැංවීම වෙනුවෙන් හිටපු නාවික හමුදාපති, වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා පත්කර තිබේ.
2016 වසරේදී හා 2017 වසරේදී පිළිවෙළින් ජලයේ ගිලීම හේතුවෙන් පුද්ගලයන් 760ක් හා 678ක් මියගොස් තිබේ. 2018 වසරේ මැද භාගය වන විට මිය ගිය සංඛ්‍යාව 412කි.
මෙයින් වැඩිම මිය යෑම් ප්‍රමාණයක් සෑම වසරකම කොළඹ හා ගාල්ල දිස්ත්‍රික්කවලින් වාර්තා වෙයි.
මේ අනුව ජාතික සැලැස්මක් ස්ථාපිත කර ඇති අතර එහි එක් පියවරක් ලෙස ත්‍රිවිධ හමුදාව, පොලීසිය, වෙරළාරක්ෂක බළකාය හා සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයන් ජීවිතාරකෂක නිලධාරීන් ලෙස තවදුරටත් පුහුණු කිරීමට කටයුතු කරමින් සිටියි.