දියේ ගිලුණු තරුණිය බේරාගත් පොලිස් ස්ථානාධිපතිවරයාට උපහාර
- 25 05 2020
- 17:24
- {{hitsCtrl.values.hits}} views
- හැටන් රංජිත් රාජපක්ෂ
ඉහළ කොත්මලේ ජලාශයට පැන සියදිවි හානි කර ගැනිමට තැත් කල තරුණිය බේරාගත් තලවකැලේ පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක රුවන් ප්රනාන්දු මහතා සහ පොකො රුබන් යන මහතුන් උපහාර පිදිමක් අද (25) දින පොලිස් ස්ථානයේදි සිදු කෙරිණ.
තලවකැලේ පොලීසියේ ස්ථානාධිපති අශෝක සේපාල මහතා විසින් පොලිස් ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයා සිදු කල උදාර සේවය අගයමින් දෙදෙනාටම තිළිණයක් ලබා දෙමින් උපහාර පිදිම සිදු කරන ලදි.
තලවකැලේ ප්රදේශයේ තරුණියක් පෞද්ගලික හේතුවක් මත (21) දින ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට උත්සාහ කිරිමේදි ඇය බේරා ගැනිමට ඉදිරිපත් වු තලවකැලේ ලිදුල පාමස්ටන් රත්නගිරිය ප්රදේශයේ පදිංචි හමිඩ් රිස්වාන් (28) දෙදරු පියා ජිවිතක්ෂයට පත් විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
