දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 30 දින එළවළු මිල වෙනත් දිනයන් වලට වඩා අඩු වී ඇතැයි ව්‍යාපාරිකයො පෙන්වාදෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල දී ගැනීම් සඳහා පිට පළාත්වලින් පැමිණෙන වෙළෙන්දන් ගේද අඩුවක්ද 30 දින දැක ගැනීමට හැකි වූ බව ව්‍යාපාරිකයෝ සදහන් කරති.
වෙළෙන්දන්ගේ පැමිණීම අඩුවීමට තවත් හේතුවවී ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ප්‍රවාහන ගාස්තු වැඩිවීම විය හැකි යැයි වෙළෙන්දෝ අනුමාන කරති .
තම නිෂ්පාදන අලවියට ගෙනවිත් සිටි ගොවින් මෙන්ම අතරමැදි වෙළෙන්දෝ කියා සිටියේ පොහොර කෘමිනාශක ,වල්නාශක ආදී දේ තහනම් කොට විදේශීය බිජ ගොවියාට ලබාදීම නිසා අර්බුදයක් නිර්මාණය වී ඇති බවය.
වෙළදපලට ලැබෙන එළවලු නිසි ගුණාත්මක භවයකින් තොරව පැවතීම නිසා වෙළෙන්දෝ එළවලු මිලදී ගැනීමට මැලිකමක් දක්වන බව කියති .
එළවළු නොලැබීම් නිසා ආර්ර්ථික මධ්‍යස්ථානය වෙනදාමෙන් වැඩි කළ කලබලයකින් තොරව ක්‍රියාත්මක වන අතර වෙළද සංගම් නියෝජිතයන් කියා සිටියේ ගොවින් යම් සතුටුදායක තත්වයකට වගා කොට තිබෙන බවය ,ගොවින් කියා සිටින්නේ වගාවේ පලදාව ඉතා අඩුවෙන් ලැබෙන නිසා වගාවේ පලගන්නා අස්වැන්න රැගෙන එන බවය .
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 30 දින එළවළු කිලෝවක තොග මිල මෙසේ සටහන්ව තිබිණි.
වර්ගය 2021.12.30 පවතී මිල
ගෝවා 275-280
බෝංචි 300 -320
ලීක්ස් 190 -210
කැරට් 300 -400
තක්කාලි 145 -150
රාබු 50-60
නෝකෝල් 130-140
කැකිරි 90-100
පිපිඤ්ඤා 60-900
වැලිමඩ අර්තාපල් අල 210-220
ආනයනය කරන ලද අර්තාපල් 170 -180
වැටකොළු 190 -200
කරවිල 240-250
වට්ටක්කා 60-65
වම්බටු 250-260
එළබටු 250-330
දඹල 120-130
මෑකරල් 150 -190
මාළු මිරිස් 400-500
අමුමිරිස් 730 -750
ලොකු ලූනු විදේශීය 175.-180
ලොකු ළූණු දේශීය 200 -210
බතල 85 -100