අලුත් අවුරුදු නිමාවත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවීන් සිය එළවලු අස්වැන්න අලෙවි කිරීම සඳහා දඹුල්ල නගරයට අද (15) දින පෙරවරුවේ සිට රැගෙන විත් තිබේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම හේතුවෙන් ගොවීන් දඹුල්ල ගම්උදාව ක්‍රීඩංගණය කණ්ඩලම හන්දිය ආදී ස්ථාන කිහිපයක සිය එළවලු අස්වනු අලෙවි කිරීම සිදු කරනු ලැබීය.
කන්ද උඩරට ප්‍රදේශවලින් කැරට්, ලීක්ස් ,ගෝවා ,මාළුමිරිස් ,බෝංචි ආදී එළවලු රැසක් මෙදින දඹුල්ල නගරයට ගොවීන් රැගෙන විත් තිබේ.
එමෙන්ම පහතරට එළවලු වර්ග වම්බටු ,තක්කාලි ,නෝකෝල්,බණ්ඩක්කා ,කැකිරි, දඹල, ආදී එළවලු වර්ග ද ගොවීන් විසින් අලෙවි කිරීම සඳහා රැගෙන විත් තිබිණි.
පසුගිය දිනවල එනම් අලුත් අවුරුද්දට පෙර දිනවල විශාල වශයෙන් පහත වැටී තිබූ එළවලු මෙදින යම් මට්ටමකින් ඉහළ මිල ගණන් යටතේ අලෙවි වූ බව වෙළෙන්දන් සහ ගොවීහු පවසති.
කැරට් රුපියල් 110 සිට 120 දක්වා ,ලීක්ස් කිලෝව රුපියල් සියයේ සිට රුපියල් 110 දක්වාත් මාළු මිරිස් කිලෝව රුපියල් 60 සිට 70 දක්වා බෝංචි කිලෝ පනහේ සිට 70 දක්වා අලෙවි වීම විශේෂත්වයකි.
අමුමිරිස් කිලෝවක් රුපියල් 170 ට අලෙවිය. පහතරට එළවලු තක්කාලි රුපියල් 35කට නෝකෝල් රුපියල් හතලිස් හකට කැකිරි රුපියල් විස්සක් තිහක් ත් අතර මිලකට බණ්ඩක්කා පතෝල ආදී එළවලු රුපියල් 35 සිට 65 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි වූ බව ව්‍යාපාරිකයින් සහ ගොවීහු පවසති.
රජය මගින් එළවලු මිලදී ගැනීම මෙදින සිදු නොවූ නතර ඉදිරියේ දී රජය ගොවීන්ගේ එළවලු මිලදී ගැනීමේ වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.
වෙළෙන්දන් කියාසිටියේ මෙදින එළවලු මිලදී ගැනීම සඳහා විශාල පිරිසක්ද දඹුල්ල නගරයට පැමිණ තිබෙන බව ය.
වාහන හැසිරවීම පුද්ගලය දුරස්ථභාවය පවත්වාගෙන යෑම මුඛවාඩම් මුඛ ආවරණ පළඳා නැති අයට උපදෙස් ලබාදීම දඹුල්ල පොලිස් අධිකාරි ගාමිණී මිගහකුබුර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු වූ පොලිස් කණ්ඩායම් උපදෙස් දෙන අයුරු ද මෙහිදී දැක ගැනීමට හැකි විය.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස
