දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පොහොය දිනට විවෘතව තැබීමට ගත් උත්සහය අසාර්ථක වෙයි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසර විස්සකට පසු පසළොස්වක පොහොය දිනට විවෘතව තැබීමට එහි වෙළෙඳ සංගමය ගත් උත්සහය අසාර්ථකව ඇති බව ව්‍යාපාරිකයෝ සහ ගොවීහු පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය තීරණය කොට තිබුණේ මෙම බිනර පොහෝ දිනයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සෑම පොහෝ දිනකම විවෘතව තැබීම සඳහාය.
ඒ සඳහා ගොවීන්, ව්‍යාපාරිකයන්, දැනුවත් කිරීම පසුගිය සතියේ දැන්වීම් පෝස්ටර් මගින් සිදුකර තිබිණි. කෙසේ වෙතත් පොහොය දිනය වන අද දින (24දා) පෙරවරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බොහෝ ව්‍යාපාරික ස්ථාන වසා දමා තිබූ අතර, ගොවීන්ගේ සහ එළවළු මිලදී ගැනීමට එන ව්‍යාපාරිකයන්ගේ පැමිණීමද විශාල වශයෙන් පහත වැටී තිබිණි. ඇතැම් වෙළඳ සැල් වසා දැමීම හේතුවෙන් ගොවීන් රැගෙන ආ එළවළු එම වෙළෙඳ සැල් ඉදිරිපිට තබා තිබෙන අයුරුද දැක ගැනීමට හැකියාව ලැබිණි.





popular news
-
Champa Monday, 24 September 2018 05:02 PM
එහෙම කොහොමද? පොහොය නිවාඩුව දෙන්නේ බෞද්ධයන්ට ආගමානුකූල කටයුතු වල දෙන්න. එක්කෝ පන්සලට යන්න. එක්කෝ සිල් ගන්න. එක්කෝ ගෙදර ඉඳන් ආගමික වතාවත් කරන්න. ඒ දවස වෙළඳාමට පාවිච්චි කරන එක වැරදියි. පොහොය දවසත් අවභාවිතා කරන්න ලැස්ති වෙන්න එපා.
Reply : 0 0
Champa Monday, 24 September 2018 05:05 PM
දඹුල්ලේ බෞද්ධයෝ දැන් අනාගාමික වෙලාද නැත්නම් දඹුල්ලත් ඉන්දියන් කාරයන්ට ගිහින්ද දැම්මම? ඔය "තද බල ඉල්ලීමක්" කළා කියන වෙළෙන්දෝ මුස්ලිම් හරි දෙමල හරි වෙන්න ඇති නේද? සිංහලයන් නම් ඔය වගේ ඉල්ලීම් කරන්න බැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

