කොරෝනා සිද්ධියත් සමග වෙළෙඳ පොළේ ලොකුලූනු හිගයක් මවා පා ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ චීනයෙන් ගෙන්වන ලද ලොකු ලූනු පාලන මිලටත් වඩා වැඩි මිලකට අලෙවි කරන ජාවාරමක සුලමුල හෙළි කරගැනීමට 13 දින පස්වරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පරිශ්‍රයේදී මාතලේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිරිසකට සහ දඹුල්ල පොලීසියේ නිලධාරීන් පිරිසකට අනාවරණය කර ගැනීමට හැකිවිය.
දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ ලොකුලූනු උග්‍ර හිඟයක් පවතින බවත් ඒ අනුව කිලෝවක් රුපියල් 210 ත් 220 දක්වා වූ මිල ගණන් යටතේ තොග මිලකට අලෙවි කරන බවට ලද තොරතුරක් මත මාතලේ පාරිභෝගික අධිකාරියේ ප්‍රධානී රේණුක කුමාර මහතාට ලැබුණු තොරතුරක් මත දඹුල්ල පොලීසියේ නිලධාරීන්ද සමග මෙම වැටලීම ක්‍රියාත්මක කළහ.
මෙහිදී චීනයෙන් ගෙන්වන ලද ආහාරයට නුසුදුසු බෙහෙවින් නරක්ව තිබු ලොකු ළූණු කිලෝ හැටදහසක් පමණ කාන්තාවන් විශාල පිරිසක් යොදාගෙන ඒවා සුද්ධ කරමින් ලුණු හිගය මවා පා ආර්ථික මධ්‍යස්ථානය තුළ වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරම අතටම හසුකර ගැනීමට පරීක්ෂණ කණ්ඩායමට හැකිවිය.
කාංචන කුමාර ආරියදාස