ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාවේ දඹුල්ල නගරයට ඇතුළුවන සහ නගරයෙන් පිටවන සෑම වාහනයක්ම පුද්ගලයෙක්ම දැඩි පොලිස් පරීක්ෂාවට ලක්කිරීමට දඹුල්ල පොලිසිය 02 කටයුතු යොදා තිබිණි.
ඇඳිරි නීති බලපත්‍ර උල්ලංඝනය කිරීම් සහ විවිධ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් දීස්ත්‍රික් මායිම් මාරුවීම සඳහා පැමිණි යාන වාහන සහ පුද්ගලයන් නැවත හරවා යැවීමට පොලීසිය පියවර ගත්තේය.
දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ බුලාගල ප්‍රදේශයේ දී ප්‍රධාන දිස්ත්‍රික් මායිම් පරික්ෂා කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කොට ඇති අතර එහිදී පැමිණි බොහෝ දෙනෙකු නැවත හරවා යැවිම සිදුකළ අතර ත්‍රිරෝද රථවල ප්‍රමාණයට වඩා ගමන් කළ පිරිස් බස්සවා හැරීමට පොලිසිය පියවර ගත්හ,
දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පි . එදිරිසිංහ මහතා කියා සිටියේ මෙම වෛරස් තත්ත්වයේ බරපතළකම නොදැන බොහෝ දෙනෙකු කිසිදු අවශ්‍යතාවයකින් තොරව නගරයට පිවිසීම සඳහා උත්සාහ කරන බවත් එම අය දැනුවත් කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ය.