දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් කොරෝනා වෛරසය ශරීරගත වූ පුද්ගලයන් 6 දෙනෙකු 30 දින පස්වරුවේ හඳුනාගත් බව දඹුල්ල නාගරික වෛද්‍ය ඒකකය කියයි.
මේ අතර ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු කොරෝනා වෛරසය ශරීරගත වී මිය යෑමේ සිද්ධියක් ද ගලේවෙල රෝහලින් වාර්තා වී තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේ 46 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා ගලේවෙල රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇති බවත් පසුව සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාධිතයකු බවට හදුනාගෙන තිබේ .
මෙම මෘත දේහය දඹුල්ල රෝහලේ ශීතාගාරයේ තැන්පත් කොට ඇති බව පොලීසිය කියයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් හතරක පුද්ගලයන් 6 දෙනෙකු වෛරසය ශරීරගත වූවන් ලෙස හඳුනාගෙන ඇති බවත් මෙම වෙළඳ සැල් හතර වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා බව නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා පැවසීය.
ආර්ථික මධ්‍යස්ථානය තුළ පුද්ගලයන් හතර දෙනෙකුත් පිටස්තර එළවළු රැගෙන ආ එක් පුද්ගලයෙකුත් වයඹ ඇල ව්‍යාපෘතියේ රියදුරෙකු කොරෝනා වෛරසය ආසාදනය වූවන් අතර සිටින බවත් ඔවුන් සියලු දෙනා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය එම ස්ථානවලට ගමන් කරන විටත් ස්ථානවල සේවය කරමින් සිටීම විශේෂත්වයකි.
ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේ දී මියගිය පුද්ගලයාට කොවිඩ් වෛරසය ශරීරගත වූ ආකාරය පිළිබඳව සොයා ගැනීම දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. ඔහු විශාල පිරිසක් ඇසුරු ඇති බවත් නිවැසියන් නිසි තොරතුරු ලබා නොදීම නිසා අසීරුතාවයකට පත්ව ඇති බවද සෞඛ්‍ය අංශ කියයි.