දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන සියලු දෙනා විෂබීජහරණය ට ලක් කිරීමට හැකි ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන විෂබීජහරණය කිරීමේ උපකරණයක් තරුණයන් සිවු දෙනකු විසින් නිපදවා රජයට භාරදීම ඊයේ (18) දින පස්වරුවේ දඹුල්ල දී සිදු කෙරිණි.
දඹුල්ල මිරිස්ගොනියා හන්දිය ප්‍රදේශයේ ස්පීඩ් ඔටොමාර්ට් නමින් වාහන අලුත්වැඩියා කිරීමේ ආයතනයක හිමිකරුවෙකු වන සමීර සුරේෂ් මහතා සහ ඔහුගේ සහෝදරයෙකු සේවකයන් දෙදෙනෙකු එක්ව මෙම නිර්මාණය සිදුකොට තිබේ.
ස්වයංක්‍රියව විෂබීජහරණය කිරීම සිදු කෙරෙන මෙම කුටිය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළුවීමේදී විෂබීජහරණය කර ගැනීම සඳහා ආර්ථික මධ්‍යස්ථානයට ලබාදීම රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත ලබාදීම සිදුකෙරිණි.
මෙම උපකරණය නිර්මාණය කරන අවස්ථාවේදී අප මිරිස්ගොනියා හන්දිය ප්‍රදේශයේ පිහිටි ස්පීඩ් automart ආයතනයට ගොස් සොයාබැලීමේදී එහි හිමිකරු සමීර සුරේෂ් මහතා කියා සිටියේ තත්පර කිහිපයකදී එක් අයෙකු වීෂබීජහරණය ට ලක්වන බවත් ඒ සඳහා අවශ්‍ය විෂබීජහරණය දියර මිලිලීටර් විසි පහකටත් වඩා අඩු ප්‍රමාණයක් වැයවන බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම කුටියේ විශේෂත්වය වන්නේ කුටිය ඇතුළට පිවිස එහි ක්‍රියාකාරිත්වය ලබා ගැනීම සඳහා තමන්ගෙ එක අතක් ස්විච ආසන්නයට ළ කිරීම පමණක් සිදු කළ යුතු යැයි කිසිදු ස්ථානයක් අතපත ගෑමට අවශ්‍ය නොවන ආකාරයෙන් ඉදිකොට තිබේ.
ඉතා අඩු මුදලකින් විශාල සේවාවක් සපයා ගැනීමට හැකිවන පරිදි මෙම විෂබීජහරණය කුටිය නිපදවා ඇති බව සමීර සුරේෂ් මහතා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට දැනුම් දුන්නේය.
දින කිහිපයක් ඇතුළත නිර්මාණය කළ මෙම විශේෂ විෂබීජ හරණ කුටියක් ඕනෑම අයෙකුට නිර්මාණය කර දීමට තමාට හැකි බව ද ඒ මහතා පැවසීය
දඹුලු ජනතාවගේ සහ ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන බොහෝ දෙනාගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිමය ලෙස මෙම උපකරණය නිෂ්පාදනය කොට දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය වෙත ලබාදීමට තමන් තීරණය කළ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
විෂබීජහරණය කිරීමේ කුටිය ආරම්භ කිරීම අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ,දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත ,පොලිස් අධිකාරි ගාමිණී මිගහකුබුර , මූලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පී .එදිරිසිංහ දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශ ප්‍රධානින් සහ ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැවුල යන මහත්වරුන් විසින් සිදු කරනු ලැබූහ.
කාංචන කුමාර ආරියදාස