දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අනාරක්ෂිතව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමකින් තොරව වෙළඳාම් කටයුතු යෙදුණු ව්‍යාපාරිකයින් වෙළෙන්දන් ගොවීන් සහ කම්කරුවන් පනස් දෙනකු පමණ අද ( 24) දින දහවල් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
දඹුල්ල මහනගර සභාව දඹුල්ල පොලීසිය ආර්ථික මධ්‍යස්ථානය වෙළෙඳ සංගමයේ නියෝජිතයන් සහයෝගය ඇතිව ආර්ථික මධ්‍යස්ථානය මෙම මෙහෙයුම දියත් කරනු ලැබූහ.
මෙහිදී මුඛ ආවරණ පැළඳීමකින් තොරව සහ ඉතා අනාරක්ෂිත ලෙස හැසිරුණු පුද්ගලයන්ට අවවාද කිරීම සහ ඔවුන් අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබූහ.
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ව්‍යාපාරිකයින්ට අවවාද කරමින් කියා සිටියේ තම වෙළඳසැල ඉදිරිපිට සහ වෙළෙඳ සැල තුළ මුඛ ආවරණ පැළඳීම කින් තොරව මීටරේ පරතරය තබා ගැනීමකින් තොරව සිටියහොත් එහි වගකීම වෙළඳ ව්‍යාපාරිකයින් විසින් දැරිය යුතු බව ය. එසේ සිදුවුවහොත් සතියක පමණ කාලයකට වෙළඳ ස්ථානය වසා දැමීමට සිදුවන බව සඳහන් කළේය.
මෙම මෙහෙයුමේ දී බොහෝ දෙනෙකු නිසියාකාර මුඛ ආවරණ පැලදීමකින් තොරව සහ මුඛ ආවරණ නොමැතිව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටින පිරිස් සොයා ගැනීමට හැකිවිය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමය මඟින් විනාඩි දහයෙන් දහයට ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කොට තිබේ .
පොලීසිය සිවිල් ආරක්ෂක බලකාය ආර්ථික මධ්‍යස්ථානය වෙළෙඳ සංගමයේ නියෝජිතයන් නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම් ආර්ථික මධ්‍යස්ථානය තුළ අවවාද කිරීම පරික්ෂා කිරීම මෙන්ම දුරස්ථ උණ මානයකින් සියලුදෙනාගේ ශරීරයේ උෂ්ණත්වය පවා බැලීම සිදුකරද්දී ඉතා අනාරක්ෂිත ලෙස හැසිරෙන පුද්ගලයන් මෙසේ අත්අඩංගුවට ගැනීමට සිදු වූ බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් පිරිස ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා දඹුල්ල පොලීසියට රැගෙන ගිය බව පොලීසිය සඳහන් කරයි.
කාංචන කුමාර ආරියදාස