කුරුණෑගල මල්ලවපිටිය සහ උයන්දන අතර ප්‍රදේශයේ පදිංචි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කරවල ව්‍යාපාරයක් පවත්වාගෙන යන 60 හැවිරිදි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වූ බව මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
මෙම පුද්ගලයා කොරෝනා වෛරසය ආසාදනය වූ බවට පසුගියදා හඳුනාගත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිටින ව්‍යාපාරිකයෙකු සමඟ කතරගම සංචාරයක ගොස් ඇති බවද අනාවරණය වී තිබේ. එම ව්‍යාපාරිකයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආසාදිතයෙකු සමඟ සබඳතා පැවැත්වීම නිසා වන අතර ඔහු සමඟ සමීපව ඇසුරු කිරීම හේතුවෙන් උයන්දන කරවල ව්‍යාපාරිකයාට වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරයි.
මොහුගේ බිරිඳ සහ පුතාද පීසීආර් පරීක්ෂණයට ලක් කර ඇතත් ඔවුන්ට වෛරසය ආසාදනය වී නැති බව තහවුරු වී තිබේ. බිරිඳ සහ පුතාද එම ව්‍යාපාරිකයාට උණ රෝගයට ප්‍රතිකාර කළ බව කියන පෞද්ගලික බෙහෙත් ශාලාවක වෛද්‍යවරයකු සහ ඇසුරු කළ තවත් පිරිසක්ද ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.
කොරෝනා ආසාදනයවූ ව්‍යාපාරිකයා වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යවා ඇත. මෙම ව්‍යාපාරිකයා ඇසුරු කළ බව කියන රාජ්‍ය බැංකු සේවිකාවක් ඇතුළු තවත් පිරිසක් සම්බන්ධයෙන්ද මේ වන විට සොයා බලමින් පවතී.