පසුගිය දින කීපයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමත් සමඟ නගරය පුරා දැඩි රථ වාහන තදබදයක් ඇතිවීම අවම කිරීම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඊයේ මධ්‍යම රාත්‍රී 12 ට විවෘත කිරීම සිදු කළහ
ඒ අනුව දිවයිනේ සෑම ප්රදේශයකින්ම මෙන්ම එළවළු ගොවීන් සිය නිෂ්පාදන රැගෙන රාත්‍රිය වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වූ බව වෙළෙඳ සංගමය කියයි
ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීම සඳහා ද දිවයිනේ සෑම ප්රදේශයකින්ම මෙන්ම තොග ව්‍යාපාරිකයින් පැමිණ තිබේ. ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත දැඩි කලබලකාරී තත්ත්වයක් පැවතුණද ප්‍රධාන මාර්ග රථ වාහන තදබදයකින් තොරව පවත්වාගෙන යෑමට පොලීසියට මෙදින හැකි වීම විශේෂත්වයකි .
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පෙරදා ලැබුණු එළවළු වලට ඉහළ මිලක් ලැබුනද මෙදින යම් මට්ටමකින් එළවළු මිල පහළ යමින් පවතින බව ව්‍යාපාරිකයෝ පෙන්වාදෙති.
ඒ අනුව කන්ද උඩරට ප්‍රදේශ වලින් ලද ගෝවා, බෝංචි ,ලීක්ස් ,කැරට් , ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල් 150 ත් 250 ත් අතර පැවති අතර පහතරට එළවළු වම්බටු , මෑකරල්, කරවිල , පිපිඤ්ඤා, පතොල ආදී කිලෝවක තොග මිල රුපියල් 100 ත් 150 ත් අතර මිලක් පැවැතිණි. අමුමිරිස් කිලෝවක් රුපියල් 190 200 ත් අතර තක්කාලි කිලෝවද රුපියල් එකසිය විස්සේ සිට 150 දක්වා මිල පැවති බව වෙළෙන්දෝ පවසති
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙදින පැමිණ ඇති එළවළු මිලදී ගැනුම්කරුවන් විවිධ රැකියාවල නිරත වූ පුද්ගලයන් බවත් ආර්ථික මධ්‍යස්ථානය තුළ නිසි අවබෝධයක්කින් තොරව වෙළඳාම් පිළිබඳව අවබෝධයකින් තොරව මිලදී ගැනීම් සිදු කෙරෙන නිසා මිල ඉහළ යෑම් සිදු වෙන බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති .
නියම වෙළෙන්දන් වෙළඳාම් කටයුතු වල නිරත වන්නේ නම් මෙවැනි තදබදයක් හෝ මිල ඉහළ යෑමක් සිදු නොවන බවද ඔවුහු පෙන්වා දෙති. එළවළු වෙළඳාම සිදු කෙරෙන්නේ ඉල්ලුම සහ සැපයුම අතර මිල දෝලනයක් බව ඔවුහු පෙන්වා දෙති
විවිධ රැකියාවන්හි නිරත පුද්ගලයන් එළවළු මිල දී ගැනීම් දී ගැනීම සඳහා පැමිණ වැඩි ඉල්ලුමක් පැවතීමත් සමග මිල ඉහළ යෑම සිදු වෙන බව ද එමඟින් පාරිභෝගික ජනතාවට විශාල මිලක් ලබා දී එළවළු පරිභෝජනයට ලබා ගැනීමට සිදුවන බව ඔවුහු පෙන්වා දෙති.
කාංචන කුමාර ආරියදාස