දඹුල්ල නගරයේ කුරුණෑගල පාරේ ඇස් කණ්ණාඩි අලෙවි කරන වෙළඳසැලක සේවය කරමින් සිටි තරුණයකු අද (15) දින පස්වරුවේ සිය වෙළඳසැලේ ඉහළ මාලයේ කාමරයක වැටී මියගොස් තිබිය දී සොයාගත් බවත් එම වෙළඳසැලම සේවය කළ සේවිකාවක ද එම අවස්ථාවේදීම හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා රෝහල් ගත කළ බව දඹුල්ල පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ එම වෙළෙඳසලේ සේවය කරන මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හුස්ම ගැනීමේ අපහසුතාවය මධ්‍යයේ රෝහල් ගත කොට ඇත්තේ පොළොන්නරුව ප්‍රදේශයේ සේවිකාවක් බවද පොලීසිය පවසයි.
මියගොස් සිටින තරුණයා ගේ මුඛයෙන් සෙම වහනය වී තිබෙන අයුරු පොලීසිය නිරීක්ෂණය කළ බවත් එහි ගොඩනැගිල්ල භාරකරු කියා සිටියේ මෙම අයට හුස්ම ගැනීමේ අපහසුතාවයන් එකවරම හට ගැනීම සිදුව තිබෙන බවය.
එමෙන්ම මරණය කෙසේ වූයේද යන්න අනාවරණය කර ගෙන නොමැති බව පොලීසිය පවසයි. දඹුල්ල පොලිසියේ කණ්ඩායම් කීපයක් මේ වනවිට එම ස්ථානය නිරීක්ෂණය කරමින් සිටීති .
උදෑසන සිටම දඹුල්ල ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී තිබුණු බවත් එම ආයතනයේ විදුලි උත්පාදන යන්ත්‍රයක් ක්‍රියාත්මක තිබුණු බවද ඉහළ මාලයේ එම විදුලි උත්පාදක යන්ත්‍රය තිබී ඇතැයි පොලීසිය පවසයි.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස