දඹදිව වන්දනා චාරිකාවල නිරත වූ තවත් ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 243 ක පිරිසක් ඊයේ (21) දින රාත්‍රී ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ඔවුන් ඊයේ රාත්‍රී 10.40 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව , නීරෝධායන කටයුතු සදහා , විශේෂ බස් රථ 05 ක් සහ ඔවුන්ගේ බඩුබාහිරාදිය සහ ගමන් මලු රැගෙන යෑම සදහා තවත් විශේෂ කන්ටේනර් රථ කීපයක් ද මගින් ඉරණමඩු නීරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ දින රාත්‍රීයේම රැගෙන ගියහ .