කොවිඩ් 19 වෛරස් ආසාදිත තත්ත්වය හේතුවෙන් දඹදිව වන්දනා චාරිකා පිටත් වීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බව බුද්ධශාසන අමාත්‍යාංශය පවසයි.
නැවත දැනුම්දෙන තුරු මෙසේ වන්දනා චාරිකා තාවකාලිකව නවතා දැමිමට පියවර ගෙන තිබේ. ඉන්දියාව තුළද කොවිඩ් 19 වෛරස් රෝගීන් වාර්තා වී තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා කළ ඉල්ලීමක් අනුව අග්‍රාමාත්‍ය මෙන්ම බුද්ධ ශාසන අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙම තීරණය ගත් බව බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවැසීය.