දෙමළ ප්රගතිශීලි සන්ධානයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (17දා) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත.
කඳුරට ජනතාවගේ වැටුප් ගැටලුව හා එම ප්‍රදේශවල සංවර්ධන කටයුතු තවදුරටත් විධිමත් කර ගැනීම පිළිබද එහිදී අවධානයට ලක් විය.
දෙමළ ප්රගතිශීලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සහ අමාත්‍ය පලනි දිගම්බරම්, රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් ඊට එක්ව සිටියහ.