දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳිය හැකි පුද්ගලයන් පාර්ලිමේන්තු යවන්න කටයුතු කළ යුතු බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.
මෙවර පාර්ලිමෙන්තු මහ මැතිවරණය සදහා ඊ.පී.ඩී.පි පක්ෂයෙන් තරග වදින අම්පාර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ ජන හමුවකදි ඔහු මේ බව පැවසීය.
මෙහිදි ජනතාව ඇමතු ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා කියා සිටියේ
‘පසුගිය රජය සමයේ මෙම ප්‍රදේශවලට කිසිදු ව්‍යාපෘතියක් ගෙනාවේ නැහැ. දෙමළ සංධානය විසින් ජනතාව සම්පුර්ණයෙන්ම මුලා කළා. විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට තමයි රජයෙන් ලැබෙන කිසිදු දෙයක් නොලැබුනේ.
මේ පිළිබද ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මැතිතුමාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අවධානයට යොමුවෙලා තිබෙනවා. ඒ නිසා මට මේ ප්‍රදේශ සංවර්ධනය කිරීම පිළිබද වගකීම මා වෙත පවරලා කටයුතු කර තිබෙනවා. මෙම මැතිවරණයේදි ප්‍රදේශයේ දමිළ ජනතාව හොද තීන්දුවක් අරගෙන සිය පක්ෂය වන ඊ.පී.ඩී.පි පක්ෂයෙන් අපේක්ෂකයන් පාර්ලිමෙන්තු යවන්න කටයුතු කලහොත් තමන් මෙම අවස්ථාවේ පොරොන්දු වෙනවා මෙම ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන සියලුම ගැටලු වලට ලබා දිය හැකි විසදුම් ලබාදීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියේය.