දෙමළ ජාතිකත්වය තියන පක්ෂ සමඟ එකතු වී වැඩ කිරීමට තමාට අපහසුතාවක් නොමැති නමුත් ජනතාවාදී දේශපාලනය පමණක් තමන් විසින් දියත්කළ හැකි බවත්, ඒ සඳහා අනෙකුත් පක්ෂ තමා සමග එකග වේ ද යන්න තමන් තුළ සැකයක් ඇති බවත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා යාපනයේ පැවති සමාජ ක්‍රියාකාරි හමුවකදි ප්‍රකාශ කරයි.
දෙමළ සන්ධාන මගින් ජනතාවට කිසිදු ප්‍රයෝජනයක් සිදු නොවන බවත්, දෙමළ ජනතාවට තමන්ට ලැබෙන අවස්ථාවන් හරි ලෙස යොදාගෙන දෙමළ ජනතාවගේ ප්‍රශ්ණ විසදීමට ඉදිරිපත් විය යුතු බවත් ඔහු පැවැසීය.
දෙමළ ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටනවායැයි කියන පක්ෂ සැබෑවටම ජනතාවගේ ප්‍රශ්ණවලට විසදුම් ලබා දීමට නොහැකි වන ආකාරයට කටයුතු කරමින් සිටින බවත්, ඔවුන් තම දේශපාලන අරමුණු වෙනුවෙන් ප්‍රශ්න ආයුධයක් ලෙස පාවිච්චි කරමින් සිටින බවත් ඔහු පැවැසීය.
“පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මම ජනතාවට විවෘත ඉල්ලීමක් කළා මා හට වැඩි ආසන සංඛ්‍යාවක් එපා .ආසන හතරක් පහක් ලබාදී දෙමළ ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න හා සංවර්ධන කටයුතු වලට හා දේශපාලන විසඳුමක් ලබා ගැනීමට එකතුවන ලෙස.
නමුත් මට ලැබුණේ ආසන දෙකක් පමණයි. මේ ජනතා තීන්දුව මගින් දෙමළ ජනතාවට තමන්ගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා ගැනීමට කැමති නැති බව මම සිතනවා.”