දුම්රිය හරස් මාර්ගවලින් ගමන් කිරීමේදී මාර්ගයේ දුම්රියන් ගමන් කරනවාද නැද්ද යන්න පිළිබඳ අවදානය යොමුකරමින් ගමන් කරන ලෙස මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දුම්රිය අනතුරු නිසා මියයන ප්රමාණයේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බවත්, මේ නිසා දුම්රිය හරස් මාර්ග ආසන්නයේ දැනුවත් කිරීමේ පුවරු සවිකිරීම ආරම්භ කළ බවත් එම සභාවේ සභාපති සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේය.
අද (27දා) උදෑසන රාගම දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ ගැටීම හේතුවෙන් කාන්තාවක හා පිරිමියෙකු මියගොස් තිබෙන බවත්, ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන බවත් හෙතෙම මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.