අද (12දා) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරරත්න මහතා පවසයි.
“දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය සේවකයින් ආරක්ෂා කරන වැඩපිලිවෙලක නෑ. නිලධාරීන් 78කට කෝවිඩ් ආසාදනය වෙලා. සේවකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වෙලා.
මගීන්ගේ ආරක්ෂාව තකා අපි අද රාත්‍රී 12ට දිවයිනේ සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයෙන් ඉවත් වෙනවා. ලංකාව පුරාම පැය 24ක කාලයක් සේවයෙන් ඉවත් වෙනවා. දෙපාර්තමේන්තුවට සහ රජයට අවශ්‍ය පහසුකම් සලසන්න කියලා අපි බලකරනවා.
මේකෙන් හෙට දින අපහසුතාවයට පත්වන දුම්රිය මගීන්ගෙන් අපි සමාව අයදිනවා. හෙට දිනයේ දුම්රිය ධාවනය අඩාලවෙනවා. මේකට වගකිව යුත්තේ දුම්රිය දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන අමාත්‍යංශයයි.
දුම්රිය ප්‍ර‘වේශපත්‍ර නිකුත් කිරීමෙන් අපි ඉවත් වුණාට පසු දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වන්න ඉඩ තියෙනවා. සංඥා නිකුත් කිරීමත් හෙට දිනේ සිද්ධ වන්නේ නැහැ. එමනිසා හෙට ආරක්ෂක දුම්රිය ධාවනය වන්නේ නැහැ” යැයි ඔහු පැවැසීය.