ගාල්ල, නාගරත්න මාවත දුම්රිය හරස් මාගරයේදී අලුත්ගම සිට ගාල්ල බලා ධාවනය වූ මන්දගාමී දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව පොලීසිය පවසයි.
මෙම අනතුරින් මෝටර් රථයේ රියදුරු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ බිරිඳද මෙම රථයේ ගමන් කර ඇතත් දුම්රියේ ගැටීමට පෙර මෝටර් රථයේ වම් පස දුර විවෘත කරගෙන බැසගෙන තිබේ.
දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු මුරකාරියක් සිට ඇති අතර ඇය මෝටර් රථයට නොයන ලෙස සංඥාකර ඇතැත් එය නොතකමින් රියදුරු දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමට යාමෙන් මෙම අනතුර සිදුව ඇත.