වැඩවර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති හා ප්‍රවාහන අමාත්‍යවරයා අතර අද (04දා) සවස සාකච්ඡාවක් පවත්වන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
අදාළ ගැටලුව පිළිබඳ සාකච්ඡා කර ගැටලුව විසඳා ගැනීමට කටයුතු කරන බවත්, යහපත් ප්‍රතිචාර ලැබුණොත් ඒ මොහොතේම වර්ජනය නවතා දමන බවත් එම සන්ධානයේ සමකැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා සඳහන් කළේය.
ඊයේ (03දා) මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන දුම්රිය වැඩවර්ජනය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවද හෙතෙම පවසා සිටියේය.