අද දිනයේදී ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇති වැඩ වර්ජනය සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිති හා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා අතර සාකච්ඡාවක් පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.
සාකච්ඡාවට සහභාගිවී ගැටලු විසඳා ගැනීමට කටයුතු කරන බවත් ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් ප්‍රකාශයට පත්කර ඇති වැඩ වර්ජනය අවලංගු නොකරන බවත් දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය පවසයි.
අද රාත්‍රී 12.00 සිට පැය 48ක කාලයක් ඔවුන් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති අතර මේ වන විටත් තැපැල් දුම්රිය 6ක් ධාවනයෙන් ඉවත් ව තිබේ.
කෙසේ වෙතත් විසඳුම් ලැබුණහොත් ප්‍රමාදවී හෝ එම දුම්රිය ධාවනය කරන බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.